Pages

රහසක්.............


සුසුම් වැදෙන නෙත් මානේ
මට ඔබෙ ඉන්නයි ඕනේ
නැති උනොතින් ඒ සහනේ
මට මේ දිවි නැත ඕනේ.........
දු‍ටු දා ඔබ ගිම්හානේ
පෙම් බැන්දේ මා රහසේ
මට ආදරෙ කිවු දවසේ
මට මුළු ලොව හිමි වූයේ
හුරතලයෙන් දැවටෙන්නේ
ඔබ අසලයි මා ඉන්නේ
හඩනා නෙත පිසලන්නේ
ඔබමයි මා සනසන්නේ...........
ඔබ පමුල මේ ලෙසිනේ
සැමදා ඉන්නයි ඕනේ
නෙත හඩවා මගෙ ආයේ
නොයා ඉදින් රත්තරනේ.............

                                                    
සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

5 comments:

ටී.බී. හේරත් said...

"සියල්ලෝ සියල්ල හැරදා යති"

මංචි හැඟුම් said...

ඒ දේ දැන දැනත් අපි ඒ දේවල් ළගින්ම තියාගන්න කොයිතරම් නම් ආසා කරනවද.............

ටී.බී. හේරත් said...

ඒකට කියන්නෙ මෝහය කියල, ඒ දේ හරියටම අවබෝධ කරගත්තොත් හැම දුකකින්ම අතමිදෙන්න පුළුවන්.

මංචි හැඟුම් said...

දුකක් උනත් එයින් අත් මිදෙන්න කොයිතරම් නම් අපහසුද.........

ටී.බී. හේරත් said...

එහෙම මන්දෝත්සාහී උනොත් ජීවිතය ජයගන්න බැහැ. කොයිතරම අපහසු කටයුත්තක උනත් වීර්යෙන් ජයගත හැකියි.


 
Twitter Bird Gadget