පෙර සසරෙන් ආ දේවල්.......
කොහොම අතැර දමා යමුද මේ හිතවත් කම්
පෙර සසරෙන් ආ දේවල් ආලවන්ත කම්..............
ඉර කියන්නෙ අත් අරින්න අපේ සබඳකම්
සඳ කිව්වෙත් එපා කියල මේ හිතවත් කම්
මොනවාදෝ මේ හැටි අපි කළ නොපනත් කම්
ඉර හඳ තරු දන්නවාද අපෙ යහපත් කම්..........
ඇළත් දොළත් ගලා යන්නෙ කරමින් සරදම්
ගසුත් වැලුත් හමා යන්නෙ දෙවමින් අවමන්
මුළු ලෝකෙම ඇයි කරන්නෙ මෙහෙම නුපුරු කම්
ඇළ දොළ ගහ කොළ දන්නෙත් අපෙ මනුස්ස කම්...........
පෙර සසරෙන් ආ දේවල් ආලවන්ත කම්..............
ඉර කියන්නෙ අත් අරින්න අපේ සබඳකම්
සඳ කිව්වෙත් එපා කියල මේ හිතවත් කම්
මොනවාදෝ මේ හැටි අපි කළ නොපනත් කම්
ඉර හඳ තරු දන්නවාද අපෙ යහපත් කම්..........
ඇළත් දොළත් ගලා යන්නෙ කරමින් සරදම්
ගසුත් වැලුත් හමා යන්නෙ දෙවමින් අවමන්
මුළු ලෝකෙම ඇයි කරන්නෙ මෙහෙම නුපුරු කම්
ඇළ දොළ ගහ කොළ දන්නෙත් අපෙ මනුස්ස කම්...........
අනේ ඔබ දන්නේ නැහැ ... සිහින දකිනා තරම .....
අනේ ඔබ දැක ගන්න ... තුරුලේ හිඳ සැනසෙන්න
පපුතුරේ හිස හොවා ... ආදරේ විදගන්න
දෙපා පොඩි ඔසවලා ... ඔබේ නළල සිප ගන්න
බඳ වටේ අත් යවා .... ඔබට තව ළංවන්න ....
දුරින් හිඳ හෝ නොවේ ... ළඟට වී සැනසෙන්න
අනේ ඔබ දන්නේ නැහැ ... සිහින දකිනා තරම .....
මට බයයි ඔබ අඩයි ... දෑසේ රත දුටුවාම
අනේ ඔබ තව දැවෙයි ... හදේ ගිනි දුටුවාම ....
මේ දෑසේ කඳුලු වැල් .. සිදී වියලෙන තුරුම
හදේ ඇවිලෙන ගින්න ... නිවි පහන් වන තුරුම ...
ටිකක් කල් දෙන්න මට ... ඔබේ තුරුලට එන්න
එතෙක් ඉවසා ඉන්න ... හැකි නේද පවසන්න ...
පපුතුරේ හිස හොවා ... ආදරේ විදගන්න
දෙපා පොඩි ඔසවලා ... ඔබේ නළල සිප ගන්න
බඳ වටේ අත් යවා .... ඔබට තව ළංවන්න ....
දුරින් හිඳ හෝ නොවේ ... ළඟට වී සැනසෙන්න
අනේ ඔබ දන්නේ නැහැ ... සිහින දකිනා තරම .....
මට බයයි ඔබ අඩයි ... දෑසේ රත දුටුවාම
අනේ ඔබ තව දැවෙයි ... හදේ ගිනි දුටුවාම ....
මේ දෑසේ කඳුලු වැල් .. සිදී වියලෙන තුරුම
හදේ ඇවිලෙන ගින්න ... නිවි පහන් වන තුරුම ...
ටිකක් කල් දෙන්න මට ... ඔබේ තුරුලට එන්න
එතෙක් ඉවසා ඉන්න ... හැකි නේද පවසන්න ...
නොදැනුනා නෙවෙයි....
දෙනෙත් පුරා දැකගන්නට
රැයක් පුරා මවපු හින
බොද වෙන බව හිත කොනකට
නොදැනුනා නෙවෙයි....
පෙම් වදනට රිසි වුණ සද
රළු වදනින් මැළවුණු කළ
ගිණිගත් කතරට කදුලක්
නොවැටුණා නොවෙයි....
මුදු දෑතේ පැටලෙන්නට
අවසර නැති වග සිහිවී
පෙම්වත් වූ හිත තරහක්
නොහැගුනා නොවෙයි....
මහා සාගරේ තරමට
ප්‍රේමය හිත පිරෙව්වාට
මටම අයිතියක් නැති වග
නොදැනුනා නෙවෙයි....
රැයක් පුරා මවපු හින
බොද වෙන බව හිත කොනකට
නොදැනුනා නෙවෙයි....
පෙම් වදනට රිසි වුණ සද
රළු වදනින් මැළවුණු කළ
ගිණිගත් කතරට කදුලක්
නොවැටුණා නොවෙයි....
මුදු දෑතේ පැටලෙන්නට
අවසර නැති වග සිහිවී
පෙම්වත් වූ හිත තරහක්
නොහැගුනා නොවෙයි....
මහා සාගරේ තරමට
ප්‍රේමය හිත පිරෙව්වාට
මටම අයිතියක් නැති වග
නොදැනුනා නෙවෙයි....
නොලැබෙනා බව දැන....
නොලැබෙනා බව දැන දැනත් සිත
මටම කීකරු නැති වෙලා
සදාකල් සිත තුලම රදවන්
ඉන්නෙ කොහොමද නොපවසා
කියා දෙන්නට වරම් නැති මුත්
ඔබේ දෙනෙතට ළං වෙලා
දන්නවද මම කොයි තරම් නම්
ඔබට ආදරෙ දැයි කියා
මටම කීකරු නැති වෙලා
සදාකල් සිත තුලම රදවන්
ඉන්නෙ කොහොමද නොපවසා
කියා දෙන්නට වරම් නැති මුත්
ඔබේ දෙනෙතට ළං වෙලා
දන්නවද මම කොයි තරම් නම්
ඔබට ආදරෙ දැයි කියා
Subscribe to:
Posts (Atom)