Pages

මගෙ ආත්මය

 මතකද ඒ දවස් වල අපි ප්‍රාර්ථනා කරපු හීන... 
පොඩි පැටව් දෙන්නෙක් හදන්න..
එයාලට හොදට උගන්වන්න....
මං වගෙ ලස්සන දූ පැටික්කියෙකුයි
ඔයා වගෙ ලස්සන පුතෙකුයි හදන්න
අපි කොච්චර හීන මැව්වද ........
ඔයා වැඩ ඇරිල ගෙදර එද්දි
මන් බලාගෙන ඉන්නවා ඔයාට තේ එකක් හදාගෙන... ......
ඔය ඇස් දෙක මට මේ මුලු ලොකෙටම වඩා වටිනවා...
එත් අද ඒ හීන හැම එකක්ම බොද වෙලා අලු වෙලා ගිහින්...
පතපු හීන ආයෙ කවදාවත් සැබෑ වෙන්නෙ නැහැ නේද කියල දැන දැනත්
මම අදටත් ඒ හීන දැක දැක ජීවත් වෙන්නෙ
ඒ ආදරේ මට අමතක කරගන්න බැරි තරමට
මගෙ ආත්මෙත් එක්ක එකතු වෙලා තියෙන නිසා සුදු අයියෙ...
2011-12-15

9 comments:

ලහිරු said...

දුක හිතෙනවා නංගෝ...! ලස්සනයි අදහස..

SL Tech Express said...

මංචි,

ඕක මේ ලෝකෙ ඉන්න දශම ගණනක කීප දෙනෙක් ඇරෙන්න ඉතිරි හැමෝටම පොදු කාරණාවක්.. වෙනසකට තියෙන්නෙ ඒ එක් එක් කෙනාට දැනෙන විදියේ අඩු වැඩි වීම තමා...

මේ ලියන මටත් ඕක පොදුයි... ඒත් අපිට එකතැන නවතින්න අමාරුයි මම හිතන විදියට...

2011-12-15 විශේෂ දවසක්ද?

මංචි හැඟුම් said...

විශේෂත්වය තමයි කවියකින් කිව්වෙ යාළුවේ....
ආදරේ වේදනාව හැමෝටම පොදුයි කියලා දැන දැනත් මං හිතුවෙ මගෙ ආදරේ හැමෝටම වඩා වෙනස් කියලයි.......

sampath said...

ඔයා කොච්චර හොඳට හිටපු කෙනෙක්‌ද??
මගේ හිත කොයි තරම් ලස්‌සන කරපු,කොයි තරම් හීන වලින් පුරවපු කෙනෙක්‌ද??
ඇයි දෙයියනේ ඔයා මේ තරම් නපුරු වුනේ??
මම හැමදාම හිතුවේ ඔයයි මට වැඩියෙන්ම ආදරේ කියලා.
ඒත් මම අඬන්නෙ නෑ,සේරම හොඳින්...මම අඬන්නෙ නෑ..
මම හැමදේම හිතින් අමතක කරලා දානවා,හැමදේම..
ඉතින් ඇයි මට තවත් මේ ඇඬෙන්නේ..??
හිතේ දුක හිරකරගෙන ඉන්නවට වඩා පිටවෙන එක තමයි හොඳ..
ඇඬෙන්න ආවම නාඬා ඉන්න මිනිස්‌සු ජීවිතේ වුනත් නැතිකරගන්නවා..
මම ගහක්‌ ගලක්‌ වගේ වෙලා,මට අඬන්නත් බෑ හිනාවෙන්නත් බෑ...
ඒත් මෙහෙම දුකක්‌ දැනෙනකොට කාටද දෙවියනේ ජීවත් වෙන්න හිතෙන්නෙ...????

"අහස නම් දුරයි,සඳ නේන වග සැබැයි
සඳට රැයට තරු වලට හොරා...
නුඹ නොකියා ගිහින්....මගේ පාළු දෙනෙත බොඳ කලා....."

...මන් කවදාවත් ඔයා එක්‌ක තරහා නෑ ..

මංචි හැඟුම් said...

දුක් වේවි ඔබ දිනෙක
මා අතැර ගිය පවට...
වැළපේවි නිසැකවම
වියෝ ආදර දුකට...
කිසිවෙකුත් නැත මෙලොව
මා තරම් ඔබෙ හදට...
යළි ඒවි නිසැකවම
එය පසක් වූ කලෙක...
දහසකුත් කදුළු පොදි
වගුරුවා සයන මත...
දැඩි කලෙමි දිරි අරන්
බිදී ගිය මගේ හද...
සැනසීම අත ළගය
මා තැනුව ඔබ නැතිව...
එපා යළි පැමිනෙන්න
සසර සරණා තුරුම...

Anonymous said...

තව කොල්ලෙක් ට හරි වගේ.....

මංචි හැඟුම් said...

එකෙක් ඉද්දි තව කෙනෙක් හොයා ගන්න හොද නෑනෙ.....

Anonymous said...

ඇයි හොද නැති දේවල් කරන්නේ.... සම්පතා වැලපෙනවා දකිද්දී ඔය හිත උනු වෙන්නේ නැද්ද !!!!!!

මංචි හැඟුම් said...

ගිනිය නොහැකිය තරමට
විසිරන තරු කැට යට
මම කොච්චර පොඩිද?


 
Twitter Bird Gadget